NIBM WISHWA SCHOLARSHIP SCHEME

Following are the details of the proposed Scholarship programme:

  • Only the students who achieve an island rank in the GCE Advanced Level examination or pass GCE Advanced Level with extra-curricular activities will be eligible to apply for the Scholarship Scheme.
  • The Scholarship Scheme will be offered once a year.
  • The scholarship scheme will be for ten selected NIBM courses. Selected ten students will get the opportunity to read the first two years of a degree programme offered by School of Computing, School of Business, School of Humanities, School of Design and Productivity & Quality Centre. The scheme will cover the full course fee for the first two years of the programme. *The selected awardees will have to finance the final year of the degree programme.
  • Application process will be fully online, and an academic panel will select the suitable candidates on a marking criteria. The selected list of awardees will be published in the NIBM Website.
  • Eligibility: The scheme provides higher education opportunities for students from lower income families who perform exceptionally well in the GCE Advanced Level examination with an island rank and extracurricular activities. The applicants will have to provide authentic written evidence on the income level of the family certified by the Grama Niladhari and the Divisional Secretary of the area.
  • Disqualification: Any form of canvassing through political or any other authority will immediately disqualify the applicant. Above criteria will be strictly followed to ensure the transparency of the selection process.

NIBM has the sole authority to take the final decision on selection of students for the Scholarship Scheme.

NIBM විශ්ව ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය

ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ ශිෂ්‍යත්ව වැඩසටහනට ඇතුලත් වීම සදහා අවශ්‍ය සුදුසුකම් හා ඒ පිළිබඳ විස්තර පහත දැක්වේ.

  • ශිෂ්‍යත්ව ක්‍රමය ක්‍රියාත්මක වන්නේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉහල ප්‍රතිඵල ලබා ඇති සිසුන්ට හා අ.පො.ස. උසස් පෙළ විභාගය සමත්වීම සමගම විෂය බාහිර ක්‍රියාකාරකම් හි දක්ෂතා දක්වා ඇති දරුවන් සදහා පමණි.
  • ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය පිරිනමනු ලබන්නේ වසරකට වරක් පමණි.
  • ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය තෝරාගත් ශිෂ්‍යයින් දස දෙනකු සදහා අප ආයතනයේ පවත්වනු ලබන පාඨමාලා අතරින් තෝරාගත් පාඨමාලා දහයක් සඳහා වේ. තෝරාගත් සිසුන් දස දෙනෙකු වෙනුවෙන් උපාධි පාඨමාලාවේ පළමු වසර දෙක සඳහා අප ආයතනයේ පරිගණක පීඨය, කළමනාකරණ පීඨය, මානව ශාස්ත්‍ර පීඨය, නිර්මාණ පීඨය, සහ ඵලදායිතා හා තත්ත්ව අංශය මගින් පවත්වනු ලබන උපාධි පාඨමාලාවේ උසස් ඩිප්ලෝමාව සහ උසස් ජාතික ඩිප්ලෝමා යන වසර දෙක සදහා වැය වන සම්පූර්ණ පාඨමාලා ගාස්තුව මෙම යෝජනා ක්‍රමය මගින් ආවරණය කෙරේ. තෝරාගත් ශිෂ්‍යත්වලාභීන් උපාධි පාඨමාලාවේ අවසන් වසර සඳහා තමන් විසින් මුදල් යෙදවිය යුතුය.
  • අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම මාර්ගගතව පවතින අතර තේරීම් මණ්ඩලයක් විසින් ලකුණු ලබා ගැනීමේ නිර්ණායකයක් මත සුදුසු අයදුම්කරුවන් තෝරා ගනු ඇත. මණ්ඩලය විසින් තෝරාගත්, ශිෂ්‍යත්වලාභීන්ගේ නම් ලැයිස්තුව ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරේ.
  • සුදුසුකම්: අ.පො.ස. උසස් පෙළ විභාගයේ දී විශිෂ්ට දස්කම් දක්වන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට හෝ අ:පො:ස උසස් පෙළ ප්‍රතිඵල සහිතව ජාතික මට්ටමේ හා බාහිර ක්‍රියාකාරකම් වලින් දක්ෂතා පෙන්වා ඇති සිසුන් සදහා උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීම මෙම යෝජනා ක්‍රමයේ අරමුණයි. අයදුම්කරුවන්ට පවුලේ ආදායම් මට්ටම පිළිබඳ සත්‍ය ලිඛිත සාක්ෂි ග්‍රාම නිලධාරි සහ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්ගේ සාක්ෂි සහිතව ලබා දිය යුතුය.
  • නුසුදුස්සකු කිරීම: දේශපාලන හෝ වෙනත් අධිකාරියක් හරහා ඕනෑම ආකාරයක බලපෑම් සිදු කිරීමක් මෙම යෝජනා ක්‍රමය සඳහා අයදුම්කරු වහාම නුසුදුස්සකු වනු ඇත. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය විසින් මෙම යෝජනා ක්‍රමය සියයට සියයක් විනිවිද භාවයෙන් යුතු සාධාරණ ක්‍රියාවලියක් ලෙස කිරීමට අදහස් කරන බැවින් මෙම නිර්ණායකය දැඩි ලෙස පිළිපැදිය යුතුය.
    ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය සඳහා සිසුන් තෝරා ගැනීමේදී අවසාන තීරණය ගැනීමට ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය හට පූර්ණ බලය ඇත.

NIBM விஷ்வ புலமைப்பரிசில் திட்டம்

தே.வி.மு.நி. விஷ்வ புலமைப்பரிசில் திட்டம்:

உத்தேசமான புலமைப்பரிசில் திட்டத்தின் விபரங்கள் வருமாறு:

  • க.பொ.த. உயர்தரப் பரீட்சையில் நாடளாவிய தரநிலையைச் சாதித்த அல்லது பாடவிதானத்திற்கு மேலதிகமான செயற்பாடுகளுடன் க.பொ.த. உயர்தரத்தில் சித்தியடைந்த மாணவர்கள் மட்டுமே புலமைப்பரிசில் திட்டத்திற்கு விண்ணப்பிப்பதற்கு தகைமையுடையவர்களாவர்.
  • புலமைப்பரிசில் திட்டம் வருடத்திற்கு ஒரு முறை வழங்கப்படும்.
  • பத்து தெரிவு செய்யப்பட்ட தே.வி.மு.நி. பாடநெறிகளுக்கு புலமைப்பரிசில் திட்டம் விளங்கும். கணனிக் கல்லூரி, வியாபாரக் கல்லூரி, மனிதப் பண்பியல் கல்லூரி, வடிவமைப்பு, உற்பத்தித்திறன் கல்லூரி, மற்றும் தர நிலையம் ஆகியனவற்றால் வழங்கப்படும் பட்டத் திட்டமொன்றில் முதல் இரு வருடங்கள் கற்பதற்கு தெரிவுசெய்யப்பட்ட பத்து மாணவர்கள் வாய்ப்பினைப் பெறுவார்கள். திட்டத்தின் இரு வருடங்களுக்கு முழுப் பாடநெறிக் கட்டணத்தை திட்டம் அடக்கும். *பட்டத் திட்டத்தின் இறுதி ஆண்டுக்கான பாடநெறிக்கு புலமைப்பரிசிலுக்காகத் தெரிவுசெய்யப்படும் மாணவர்கள் நிதியைச் செலுத்த வேண்டும்.
  • விண்ணப்ப நடைமுறை முழு அளவில் தொடரறாநிலையில் (online) விளங்கும் என்பதுடன், மதிப்பெண் மூலப்பிரமாணமொன்றின் மீது பொருத்தமான மாணவர்களைத் தெரிவுக் குழாமொன்று தெரிவுசெய்யும். தெரிவுசெய்யப்பட்ட புலமைப்பரிசிலைப் பெறுபவர்களின் பட்டியல் தே.வி.மு.நி. இணையதளத்தில் வெளியிடப்படும்.
  • தகைமை: நாடளாவிய தரநிலையுடனும், பாடவிதானத்திற்கு மேலதிகமான செயற்பாடுகளுடனும் க.பொ.த. உயர்தரப் பரீட்சையில் விதிவிலக்காக நன்கு சித்தியடைந்த குறைந்த வருமானக் குடும்பங்களைச் சேர்ந்த மாணவர்களுக்கு உயர் கல்வி வாய்ப்புக்களைத் திட்டம் வழங்கும். குடும்பத்தின் வருமானம் தொடர்பாக, கிராம உத்தியோகத்தர் மற்றும் பகுதியின் பிரதேசச் செயலாளர் ஆகியோரினால் உறுதிப்படுத்தப்பட்ட ஆதாரபூர்வமான எழுத்திலான அத்தாட்சியை விண்ணப்பதாரர்கள் வழங்க வேண்டும்.
  • தகைமை நீக்கம்: அரசியல் அல்லது ஏதாவது வேறு அதிகாரம் ஆகியவற்றின் ஊடாக, ஏதாவது அமைப்பிலான ஆதரவை நாடினால், உடனடியாகவே விண்ணப்பதாரி தகைமை நீக்கப்படுவார். நூறு வீதத்திலான ஒளிவுமறைவற்றதும், நியாமானதுமான நடைமுறையொன்றைத் திட்டம் கொண்டிருக்க வேண்டும் என தே.வி.மு.நி. உத்தேசித்திருப்பதால், இந்த மூலப்பிரமாணம் கடுமையாகக் கடைப்பிடிக்கப்படும்.

புலமைப்பரிசில் திட்டத்திற்கு மாணவர்களைத் தெரிவுசெய்வது மீது இறுதியான முடிவை எடுப்பதற்கான முழுமையான அதிகாரத்தை தே.வி.மு.நி. கொண்டிருக்கும்.